ඩොලරය ඇයි මෙච්චරම ගණන්?

 

















                  දළ දේශීය නිෂ්පාදිතය (2020)

            ට්‍රිලියන ($)

ඇමරිකා එක්සත් ජනපදය

20.93

බ්‍රිතාන්‍ය

3.12

ඉන්දියාව

2.87

ජපානය

5.38

චීනය

14.72

ශ්‍රී ලංකාව

0.08

 

ඉහතින් දැක්වෙන්නේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ප්‍රභල රටවල් කීපයක දළ දේශීය නිශ්පාදිතයන් වල අගයන් කීපයකි. අප රටේ ආර්ථිකයේ ප්‍රමාණය අනික් රටවල් වලට සාපේක්ෂව ඉතා කුඩා බව දැන් ඔබට හොදින් වැටහෙනු ඇත. මෙතරම් කුඩා ආර්ථිකයක් හිමි රටකට විදේශ වෙළදාම තුල කල හැකි බලපෑම ඉතාමත් අල්පය. අපගේ සන්නම් නාම යටතේ භාණ්ඩ විදේශ වෙළදපලට ආනයනය කළත් නැතත්, අපනයනය කළත් නැතත් එය අනික් රටවල් වලට වැදගත් නොවේ. මේ පවතින ආර්ථික මට්ටමත් සමග අපට විදේශ වෙළදාම්වල නිරත වෙනවානම් අපට සිදුවන්නේ විදේශ රට වල මුදල් ඒකක පිළිගැනීමටයි. ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට මෙතරම් ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ ඔවුන්ට තිබෙන ප්‍රබල ආර්ථික ශක්තිය හේතුවෙනි. ඔවුන් භාණ්ඩ අපනයනය නොකලහොත් , ආනයනය නොකලහොත් බොහෝ රටවල ආර්ථිකය කඩාවැටෙනු ඇත. ලෝක වෙළදාමේ විශාල පරිමාවක් මෙහෙයවන්නේ ඔවුන් විසිනි. එම නිසා ඩොලරයට විශාල ඉල්ලුමක් පවතින අතර එහි වටිනාකමද ඉහල අගයක් ගනී.

කෙසේවෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය අනුපාතයකට මුහුන දී තිබේ.  එනම් රුපියල දිනෙන් දින බාල්දු වීමකට ලක්වේ. එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් තාවකාලික විසදුම් ලෙස අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම වැනි ක්‍රමවේද භාවිතා කලද රුපියල අවප්‍රමාණය වීම නතර වී නොමැත. ආනයන සීමා කලද මෙම තත්වය උදාවී ඇත්තේ ඇයි ද යන්න සියලු දෙනාටම පවතින පොදු ගැටලුවකි. මෙහිදී විදේශ විනිමය අනුපාතිකය පිළිබදව සරල හැදින්වීමක් ලෙස, විදේශීය මුදල් ඒකකයකට හුවමාරු වන දේශීය මුදල් ඒකක ගණන. තවත් සරලව කිවහොත් ඩොලරයක් සදහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණයයි. එවිට ඩොලරයක මිල තීරණය වන්නේ විදේශ විනිමය වෙළදපලේ ඩොලර් ඉල්ලුම හා ඩොලර් සැපයුම මතයි.



මෙහිදී විනිමය වෙළදපලට ඩොලර් සපයන මූලික සැපයුම්කරුවන් ලෙස අපනයනකරුවන් දැක්විය හැකිය. ඔවුන් විසින් ඔවුන්ගේ භාණ්ඩ හෝ සේවා විදේශ වෙළදපලවල් වලට අලෙවි කිරීමෙන් ඩොලර් උපයනු ලබයි. ඔවුන් ඒ ඩොලර් ශ්‍රී ලංකා රුපියල් බවට පත් කිරීම සදහා ලංකාවේ විදේශ විනිමය වෙළදපලට එම ඩොලර් ඉදිරිපත් කරයි. මේ  සදහා විදේශ රටවල් වල සේවය කරන ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්, විදේශීය සංචාරකයන්, ලංකාවට ලැබෙන සෘජු විදේශ ආයෝජන සහ ආණ්ඩුවට ලැබෙන ඩොලර් ණය වැනි ක්‍රියාකාරකම් මගින්ද ලංකාවේ විනිමය වෙළදපලට ඩොලර් සැපයේ.

 මේ ආකාරයෙන්ම විනිමය වෙළදපලේ ඩොලර් ඉල්ලුම් කරන ඉල්ලුම්කරුවෝද වේ. මේ අතරින් එක් කොටසක් වන්නේ ආනයනකරුවන්‍ ය. ඔවුන් විදේශ රටවල් වලින් භාණ්ඩ ගෙන්වීමේදී ඒ සදහා ගෙවීමට ඩොලර් අවශ්‍ය වේ. එම නිසා ඔවුන් දේශීය විනිමය වෙළදපලෙන් ඩොලර් ඉල්ලුම් කරයි. තවද ආණ්ඩුව ලබාගත් විදේශ ණය ගෙවීම සදහාද ඩොලර් අවශ්‍ය වන නිසා ආණ්ඩුවද ඩොලර් ඉල්ලුම් කරයි. එලෙස මෙම ඩොලර් ඉල්ලුම හා සැපයුම මත ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ගණන තීරණය වේකෙසේවෙතත් විදේශ විනිමය අර්බුදයට ආණ්ඩුව අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කොට ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු කිරීමට පියවර ගෙන තිබුණි.නමුත් අපට විදේශ විනිමය වෙළදපල දෙස බැලීමේදී පෙනීයන්නේ තවමත් රුපියල දිනෙන්දින කඩාවැටෙන බවකි. එයට හේතුව කුමක්ද? ආණ්ඩුව මෙම ගත් තීරණය වැරදිද? සත්‍ය වශයෙන්ම ආණ්ඩුව ගත් මෙම ක්‍රියාමාර්ගයේ කිසිදු වරදක් නොමැත. ගැටලුව මතුවී තිබෙන්නේ මෙම ආනයන සීමා කිරීම නිසා අඩු වූ ඩොලර් ඉල්ලුමට වඩා වැඩි වේගයකින් ඩොලර් සැපයුම අඩුවී තිබීමයි. අප දැන් මේ පිළිබදව සලකා බලමු.

වර්තමානයේ පවතින කොවිඩ් තත්වය නිසා ලාංකීය ශ්‍රමිකයන් බොහෝ දෙනෙක්ට ඔවුන්ගේ රැකියා අහිමි විය, එලෙසම මෙම විදේශ ශ්‍රමිකයන් කොවිඩ් තත්වය හමුවේ ලංකාවට ගෙන එන විට ආණ්ඩුව අනුගමනය කල ප්‍රතිපත්තිය බොහෝ විදේශ ශ්‍රමිකයන්ගේ කෝපයට හේතු විය. තවද මෙම කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුලුමනින්ම අඩාලවීමකට ලක්විය එමගින් මෙතෙක් කාලයක් ලංකාව සංචාරක කර්මාන්තයෙන් ලද ආදායමත් අහිමි විය. තවද බොහෝ අපනයන කර්මාන්තද අඩාල විය, මෙවැනි හේතූන් නිසා ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය බොහෝ ලෙස පහත වැටුනි. එමගින් විනිමය වෙළදපලේ ඩොලර් සැපයුම බොහෝ ලෙස පහත වැටුනි. අනෙක් කරුණ ලෙස ආණ්ඩුව විසින් ලබාගත් විදේශ ණය පියවීම සදහා බොහෝලෙස ඩොලර් ඉල්ලුම් කිරීමක්ද සිදුවෙමින් පවතී. මෙවැනි කරුණු නිසා අපට ආනයන සීමා කිරීමෙන් ලැබෙන්නට තිබූ වාසිය මුලුමනින්ම නැතිවී තිබේ. එම නිසා රුපියල දිනෙන් දින බාල්දු වීමකට ලක්වේ.

බොහෝ දෙනෙක්ට පවතින මීලග ගැටලුව වන්නේ මහ බැංකුවට මුදල් අච්චු ගැසීමේ හැකියාව පවතින බැවින් වැඩි වශයෙන් මුදල් අච්චු ගසා ඩොලර් මිලදී ගැනීමට හැකියාවක් පවතින්නේද යන්නයි. මෙම ක්‍රියාවලිය විදේශ විනිමය අර්බුදයට කිසිසේත්ම හිතකර ප්‍රතිපත්තියක් නොවේ, කිසිසේත්ම මෙම අර්බුදය මෙමගින් පාලනය කල නොහැක. එයට හේතුව වන්නේ ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කරන්නේ රුපියල් වේ. අපට ඩොලර් අච්චු ගැසීමක් සිදුකල නොහැක. මෙම සිදුවීමෙන් ඇතිවන ප්‍රතිපලය වන්නේ රුපියල සම්පූර්ණයෙන් කඩා වැටීමයි. අප සරල උදාහරණයක් ගෙන බලමු, දේශීය විනිමය වෙළදපලේ ඩොලර් 2ක් සහ ශ්‍රී ලංකා රුපියල් 400ක්ද පවතී. එවිට විනිමය වෙළදපලේ ඩොලරයක මිල රු 200කි (400/2). දැන් ඔබ සිතන්න විනිමය වෙළදපලේ පවතින ඩොලර් 2 එලෙසම තබාගෙන රුපියල් අච්චු ගැසීමක් සිදුකර විනිමය වෙළදපලේ පවතින රුපියල් ප්‍රමාණ‍ය 800 දක්වා වැඩි කල බවක්, එවිට ඩොලරයක මිල වන්නේ රු 400කි (800/2). එම නිසා මෙම ක්‍රියාමාර්ගය සම්පූර්ණ අසාර්ථක ක්‍රියාමාර්ගයකි.

 අවසාන වශයෙන් පැවසිය යුතුත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙවැනි සුලු පැලැස්තර ඇලවීමේ ක්‍රියාකාරකම් තුලින් කිසිසේත් ආර්ථිකය වේගයෙන් සංවර්දනය වන්නේ නැත. ස්ථීර වශයෙන් විදේශ විනිමය රටතුලට ගෙන ආ හැකි ව්‍යාපෘති සිදුකල යුතුය. ශ්‍රී ලංකාවේ සාගරය හා ස්වාභාවික සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තානම් මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මීට වඩා හොද තැනක පවතී. මෙවැනි ව්‍යාපෘති ගැන පැවසූ විට සැමට ප්‍රථමයෙන් පවසන්නේ ඒ සදහා විශාල වියදමක් යන බවයි. පැවසිය යුත්තේ එක දෙයක් පමනි, එය වියදමක් නොවේ ආයෝජනයකි. නිවැරදි ව්‍යාපෘතියක් සිදුකලානම් කෙටි කලකින් ඒ සදහා ගෙවූ මුදල ආවරණය කරගැනීමටත්, ලාභ ලබමින් විදේශ විනිමය රට තුලට ගෙන ඒමටත් හැකිවනු නියතය.


                                                                                                         -Pasindu Uthpala- 

 


 


Comments

Post a Comment

Popular posts from this blog

PUBG හැදුන විදිහ ඔබ දන්නවාද?