Posts

Showing posts from August, 2021

ඩොලරය ඇයි මෙච්චරම ගණන්?

Image
                     දළ දේශීය නිෂ්පාදිතය (2020)              ට්‍රිලියන ($) ඇමරිකා එක්සත් ජනපදය 20.93 බ්‍රිතාන්‍ය 3.12 ඉන්දියාව 2.87 ජපානය 5.38 චීනය 14.72 ශ්‍රී ලංකාව 0.08   ඉහතින් දැක්වෙන්නේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ප්‍රභල රටවල් කීපයක දළ දේශීය නිශ්පාදිතයන් වල අගයන් කීපයකි. අප රටේ ආර්ථිකයේ ප්‍රමාණය අනික් රටවල් වලට සාපේක්ෂව ඉතා කුඩා බව දැන් ඔබට හොදින් වැටහෙනු ඇත. මෙතරම් කුඩා ආර්ථිකයක් හිමි රටකට විදේශ වෙළදාම තුල කල හැකි බලපෑම ඉතාමත් අල්පය. අපගේ සන්නම් නාම යටතේ භාණ්ඩ විදේශ වෙළදපලට ආනයනය කළත් නැතත්, අපනයනය කළත් නැතත් එය අනික් රටවල් වලට වැදගත් නොවේ. මේ පවතින ආර්ථික මට්ටමත් සමග අපට විදේශ වෙළදාම්වල නිරත වෙනවානම් අපට සිදුවන්නේ විදේශ රට වල මුදල් ඒකක පිළිගැනීමටයි. ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට මෙතරම් ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ ඔවුන්ට තිබෙන ප්‍රබල ආර්ථික ශක්තිය හේතුවෙනි. ඔවුන් භාණ්ඩ අපනයනය නොකලහොත් , ආනයනය නොකලහොත් බොහෝ රටවල ආර්ථිකය කඩාවැටෙනු ඇත. ලෝක වෙළදාමේ විශාල පරිමාවක් මෙහෙයවන්නේ ඔවුන් විසිනි. එම නිසා ඩොලරයට විශාල ඉල්ලුමක් පවතින අතර එහි වටිනාකමද ඉහල අගයක් ගනී. කෙසේවෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාව